Life
නිරෝගී හදවතකට ආමන්ඩ්ස්
"ආමන්ඩ්ස් නමැති ධාන්‍ය විශේෂය ආහාරයට ගැනීමෙන් රුධිරගත කොලෙස්ටරෝල්
මට්ටම අඩුකර හෘදය වස්තුව නිරෝගීව පවත්වාගෙන යැමට උපකාරී වන බව ඇමරිකා
එක්සත් ජනපදයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී
අනාවරණය වී තිබේ.
ආමන්ඩ්ස් ආහාරයට ගැනීමෙන් හෘද රෝගවලට ප්‍රධාන
වශයෙන් හේතුකාරක වන රුධිරයෙහි ධමනිවල අඩංගු සෑම ආකාරයකම කොලෙස්ටරෝල් ඉවත්
කරලන එච්.ඩී.එල්. හෙවත් හොඳ කොලෙස්ටරෝල් (ගුඩ් කොලෙස්ටරෝල්) මට්ටම
වර්ධනය වන බව මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ
පෙන්සාටේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිsරිසක් විසින් සිදු කර ඇති
අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ ආමන්ඩ්ස් දිනපතා අනුභව කරන අයෙකුගේ රුධිරගත
හොඳ කොලෙස්ටරෝල් මට්ටම වර්ධනය වී එමඟින් හෘදය වස්තුවට ආරක්ෂාව සපයන
බවයි.
මෙම අධ්‍යයනයේ වාර්තාව "ජ(ර්)නල් ඔµa නියුටි්රෂන්" සඟරාවෙහි
පළ කර ඇති අතර එම වාර්තාවට අනුව එල්ඩීඑල් හෙවත් නරක කොලෙස්ටරෝල් (බෑඩ්
කොලෙස්ටරෝල්) රුධිරගතව පවතින කාන්තාවන් හා පිරිමින් 48 දෙනෙකුට සති හයක
කාලයක් එකිනෙකට වෙනස් ආහාර වේල් දෙකක් ආහාරයට ගැනීමට සලස්වා තිබේ. ඉන්
එක් ආහාර වේලකදී දිනකට ආමන්ඩ්ස් ග්‍රෑම් 43 ක් ආහාරයට ගැනීමට සලස්වා
ඇති අතර අනෙක් ආහාර වේලට බනානා මµsන් (කේක් විශේෂයකි) එකක් බැගින් දිනකට
ආහාරයට ගැනීමට සලස්වා ඇත.
සති හයක කාලය අවසානයේදී ආමන්ඩ්ස් සහිත
ආහාරවේල ලබාගත් විට අධ්‍යයනයට ලක් කළ පුද්ගලයින්ගේ රුධිරගත එච්ඩීඑල් හෙවත්
හොඳ කොලෙස්ටරෝල් මට්ටම සියයට 19 කින් වර්ධනය වී තිබෙනු දක්නට ලැබී ඇත.
මෙම හොඳ කොලෙස්ටරෝල් වර්ධනය වී සෛල හා පටකවල අඩංගු සිරුරට අහිතකර නරක කොලෙස්ටරෝල් සම්පූර්ණයෙන් ඉවත් කරන බව හෙළි වී තිබේ.
ආමන්ඩ්ස්වලට
හෘද රෝග අවදානම සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි වුවද එය හෘදය වස්තුවට
ආරක්ෂාව සපයන නිරෝගී ආහාරයක් ලෙස ගැනිය හැකි බව පෝෂණය පිළිබඳව මහාචාර්ය
පෙනී ක්‍රිස් එතර්මන් පවසයි. ආමන්ඩ්ස් සිරුරට අවශ්‍ය හිතකර මේදයන්,
විටමින් ඊ හා µයිබර් හෙවත් තන්තු යහමින් සපයන බව පෙන්වා දෙන මහාචාර්ය
එතර්මන් ජනතාව ආමන්ඩ්ස් තම ආහාරයට දෛනිකව එක්කර ගන්නේ නම් එය හෘදය
වස්තුවට හිතකර වනවා පමණක් නොව වෙනත් සෞඛ්‍යමය වාසිද අත්වන බව පවසා ඇත.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks